Thursday, January 27, 2022

General line - 0115112241

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව ගැන කොවිඩ් කමිටුවට පැමිණිලි කිරීමට වෛද්‍ය සංගමයක් සැරසේ

541Views



ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී පැමිණි කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළුවීම සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළුවිය හැක්කේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති ගුවන් මගින්ට පමණයි. 

එසේ තිබියදීත් අදාළ කාන්තාව නයිජීරියාවේ සිට මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.