Tuesday, March 19, 2024

General line - 0115112241

අබුඩාබි T-10 ජය වනිදු නියෝජනය කළ කණ්ඩායමට 




මෙවර අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට වනිදු හසරංග නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. 

ඒ අවසන් මහ තරගයේදී දිල්ලි බුල්ස් කණ්ඩායම ලකුණු 56කින් පරාජය කරමින්. තරගාවලියේ විරයා සම්මාන දිනා ගත්තේ මෙවර තරගාවලියේදී කඩුලු 21ක් බිද හෙලු වනිදු හසරංගයි. 

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10දී  කිසිවෙකු නොදැවී ලකුණු 159ක් ලබා ගත්තා. පළමු කඩුල්ල වෙනුවෙන් එම නොබිදුණු සබදතාවය ගොඩ නැගුවේ ටොම් කොහ්ලර්-කැඩ්මෝර් හා අන්ද්‍රේ රසල්. ටොම් පන්දු 28කින් නොදැවී ලකුණු 59ක් ලබා ගත් අතර, අන්ද්‍රේ රසල් පන්දු 32කින් නොදැවී වේගවත් ලකුණු 90ක් රැස් කළා.  

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට නියමිත පන්දුවාර 10දී කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.  

පන්දු යැවීමේ දී ඔඩියන් ස්මිත්, වනිදු හසරංග හා ටිමාල් මිල්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා. වනිදු හසරංග මෙම තරගාවලියේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 21ක්. ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ අබුඩාබි ටී ටෙන් තරග වාරයක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා ලෙසයි.