Tuesday, March 19, 2024

General line - 0115112241

බුඩායිහි නියෝජ්‍ය පාලක සහ ජනපති අතර හමුවක් 




බුඩායිහි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. 

ඒ, ඩුබායිහිදී පැවැත්වෙන එක්ස්පෝ ටුවෙන්ටි ටුවෙන්ටි ප්‍රදර්ශන භූමියේදීයි. මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බවයි රාජ්‍ය නායකයින් දෙපළ සඳහන් කළේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී සුබ පැතුම් එක් කර තිබෙනවා. 

මීට අමතර මෙරට කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වනු ඇති බවත්, ඊට අවස්ථාව ලබාදෙමින් දැක්වූ සහයෝගයට ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයින් මක්ටුම් බින් මොහොමඩ් වෙත පවසා තිබෙනවා. 

එක්ස්පෝ ටුවෙන්ටි ටුවෙන්ටි ප්‍රදර්ශනය සඳහා ලොව රටවල් 192 ක් සහභාගී වී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.