Wednesday, April 24, 2024

General line - 0115112241

කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔගිල්වි ඩිජිටල් අතර නව ඩිජිටල් අලෙවිකරණ උපාධි වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක්




කැලණිය විශ්වවිද්‍යාලය, මෙරට ප්‍රමුඛ පෙළේ ඩිජිටල් තාක්ෂණික සමාගමක් වන ඔගිල්වි ඩිජිටල් (Ogilvy Digital) සමග පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මේ යටතේ, කැලණිය විශ්වවිද්‍යාලය හඳුන්වා දී ඇති නව ඩිජිටල් අලෙවිකරණ උපාධි පාඨමාලාව සඳහා ඔගිල්වි ඩිජිටල් ආයතනයේ සම්පත්දායකත්වය හිමිවේ.  

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් මගින් ඩිජිටල් අලෙවිකරණ උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.  

මෙම අවබෝධතා ගිවිසුම අනුව, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ අලෙවි කළමනාකරණ අංශය සමග එක්වී, උපාධි අපේක්ෂක අපේක්‍ෂිකාවන්ට පුළුල් තලයේ ඩිජිටල් අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔගිල්වි ඩිජිටල් සමාගම දායකත්වය සපයනු ඇත.  

කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ ෆීනික්ස් ඔගිල්වි සමූහයේ සභාපති අර්වින් වීරක්කොඩි මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.  

මෙම හවුල්කාරීත්වයේ වැදගත්කම පෙන්වා දෙමින්, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙසේ පැවසුවා ය. “ශාස්ත්‍රාලීය මට්ටමේදී අපට තවදුරටත් තෝරාගත්ක්ෂේත්‍ රකිහිපයකට සීමා වී සිටින්නට හැකියාවක් නැහැ. අපගේ උපාධිධාරීන් ඉදිරියේදී රැකියා කිරීමට අපේක්ෂා කරන ක්ෂේත්‍රයන් අපගේ පාඨමාලා මගින් ආවරණය විය යුතු අතර, එම ක්ෂේත්‍රවල උන්නතියට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින්, ඵලදායී ලෙස රාජකාරි කිරීමට අවශ්‍ය කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමට අප වගබලාගත යුතුයි. සෑමවිටම ප්‍රගතිය ළඟාකරගැනීමට අලෙවිකරණ කළමනාකරණ අංශය පෙන්නුම් කරන උනන්දුව මා බෙහෙවින් අගය කරනවා. මේ හවුල්කාරීත්වය ඔස්සේ අපට අනාගතයේදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇති බව මට විශ්වාසයි. ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සමාගමක් ලෙස, තම සන්නිවේදන කටයුතුවලදී ලබා දෙන පණිවිඩ සහ ඒ සම්බන්ධ සදාචාරාත්මක පැතිමාන මොනවාද යන්න පිළිබඳ ඔගිල්වි ඩිජිටල් සමාගම හොඳින්දැනුවත් බවට සැකයක් නැහැ. මින් ඉදිරියට අපගේ සිසු සිසුවියන්ටත් ඒ දැනුමෙන් ප්‍රයෝජන ලැබීමට හැකියාව ලැබේවි.”  

ෆීනික්ස් ඔගිල්වි සමූහයේ සභාපති අර්වින් වීරක්කොඩි මහතා මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් අලෙවිකරණ උපාධි පාඨමාලාව සාර්ථක කරගැනීම සඳහා අපගේ දැනුම හා පළපුරුද්ද ඔස්සේ දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. ඩිජිටල් තාක්ෂණ සමාගමක් වශයෙන්, රටේ සිසු සිසුවියන්ට ඩිජිටල් අධ්‍යාපනය ලබාදීම සඳහා අප හවුල්කාරීත්වයකට එළඹුණු දෙවැනි අවස්ථාව මෙයයි. ඩිජිටල් තාක්ෂණය අද දවසේ අපගේ ජීවිතවල ප්‍රධානතම ගාමක බලවේගය බවට පත් වී තිබෙනවා. අද අප ඉදිරියේ නිර්මාණය වෙමින් පවතින්නේ සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක්. එය අපගේ ජීවිත මුළුමනින්ම වෙනස්කරාවි. ඩිජිටල් විප්ලවය යනු තාක්ෂණයේ දැවැන්ත ඉදිරි පිම්මක්. පෞද්ගලික අංශයේ දායකත්වය ඔස්සේ මෙම තාක්ෂණයභාවිතාකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැනුම් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අපට පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන්කරමින් සිටින අතර, බැංකු ක්ෂේත්‍රය ඒ සඳහා පුරෝගාමී කාර්යයක් ඉටුකරමින් සිටින බව පැහැදිලියි. කෙනෙකුට යුද හමුදාවක ආක්‍රමණයකට මුහුණ දිය හැකි වුවත් අදහස් ආක්‍රමණයකට මුහුණ දිය නොහැකි බවට ප්‍රකට කියමනක් තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙම උපාධි පාඨමාලාව වැදගත් වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ගමන්මග තුළ මෙය වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇති බවට සැකයක් නැහැ.”  

ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය නාරද ප්‍රනාන්දු සහ අලෙවි කළමනාකරණ අංශයේ අංශාධිපති මහාචාර්ය රවී දිසානායක යන මහත්වරුද එක්වූහ.  

ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ දැක්ම වන්නේ, තිරසර සංවර්ධනයකට අවශ්‍ය දැනුම නිර්මාණය කිරීම සහ එම දැනුම බෙදාදීම ය. රටේ සංවර්ධනයට දායකවන බුද්ධිමත් පුරවැසියන්, නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය ඔස්සේ සුපෝෂණය කිරීම එහි මෙහෙවර වී තිබේ.  

මෙම උපාධි පාඨමාලාවේ ක්‍රමෝපායික හවුල්කරුවෙකුවන ඔගිල්වි ඩිජිටල් සමාගමද එම දැක්ම මූලික කරගෙන කටයුතු කරන අතර, මූලික වශයෙන් රටේ ඩිජිටල් ආර්ථිකයට අත්වැලක් වෙමින් එය ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටී.  

මෙම අවබෝධතා ගිවිසුම යටතේඔගිල්වි ඩිජිටල් සමාගම, නව ඩිජිටල් අලෙවිකරණ උපාධි පාඨමාලාවටඅදාළ විෂය මාලාවක් සකස් කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලය සමග එක්ව කටයුතු කරනු ඇත. එමෙන්ම එහි අන්තර්ගතයන් සහ ඇගයුම් ක්‍රමවේද සකස්කිරීම සඳහා උපදේශකයෙකු ලෙස මෙන්ම, සහතිකලත් වෘත්තීය අලෙවිකරණ උපාධිධාරී වැඩසටහනේ (Certified Professional Marketing Graduate Program’s - CPMG)ප්‍රතීතන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද ඔගිල්වි ඩිජිටල් සමාගම කටයුතු කරයි.  

මීට අමතරව මෙමඋපාධිපාඨමාලාවේ ආරාධිත දේශන පැවැත්වීමට, උපාධි අපේක්ෂකයන්ට සීමාවාසික පුහුණු අවස්ථාවන් ලබාදීමට සහ විශ්වවිද්‍යාලය සමග එක්ව දැනුම් හුවමාරු සැසි පැවැත්වීමටද ඔගිල්වි ඩිජිටල් සමාගම සැලසුම්කර තිබේ.