Friday, March 29, 2024

General line - 0115112241

නිලූක ගැන තවත් බලාපොරොත්තුවක්




ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රිඩක නිලූක කරුණාරත්න රියෝ ඔලිම්පික් තරග බිමේ සහභාගි වු පළමු තරග ඉසව්වෙන් පරාජයට පත්වුවද පදක්කම් බලාපොරොත්තු තවමත් අවසන් වී නැහැ.

ඒ, ඔහු සහභාගි වන තවත් බැඩ්මින්ටන් තරග දෙකක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති බැවින්. ඉන් එක් තරගයක් හෙට පැවැත්වෙනවා. මෙම තරග දෙකේදී නිලූක දක්වන දක්‍ෂතා මත අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඔහුට අවස්ථාව උදාවනු ඇති.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ පැවති නිලූක සහභාගි වූ පළමු තරගයෙන් ඔහු පරාජයට පත්වුයේ තරග වට දෙකට බින්දුවක් ලෙසයි. ඒ, චීනයේ චෙන් ලොන්ග් හමුවේයි. පළමු වටය ලකුණු 21 ට 7 ක් ලෙසත්, දෙවන වටය 21 ට 10 ක් ලෙසත් චීන ක්‍රීඩකයා ජයගත්තා.

13988740_10210341741326221_1604526526_n

 

14018093_10210341740286195_1677317445_n