Thursday, April 25, 2024

General line - 0115112241

මහින්ද සමග රට ගිය පිරිසකගේ තොරතුරු අතුරුදන්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග විදෙස් සංචාරවලට සහභාගි වු ඇතැම් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඔහු එහිදී පැවසුවේ තමා විදේශ ඇමතිවරයා ලෙස සිටින සමයේ මහින්ද රාජපක්ෂ සමග ගිය පළමු විදෙස් සංචාරයට 140 ගණනක් එක්වූ නමුත්  අමාත්‍යංශයේ සටහන් වී ඇත්තේ 71ගේ නම් පමණක් බවයි.

ඇතැම් ලිපිගොනු අතුරුදන් වී ඇති බවත් පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් ඇමතිවරයා සඳහන් කළා.