Thursday, March 28, 2024

General line - 0115112241

ඔබගේ වාහනයේ ඉන්ධන භාවිතය 20% සිට 50%දක්වා අඩුකරන සුපිරි නැනෝ තාක්ෂණයෙන් යුත් Eco Tablet වෙළෙදපොලට




අපි හැමෝගෙම ආසාව අපි පාවිච්චි කරන වාහනය හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්තව පාචිච්චි කරන්නයි. හැබැයි මේ දවස්වල රටේ ඉන්ධන මිල ඉහළ ගිය පසුබිමක හැමෝගෙම සාක්කුවලට ඒ බර නොදැනෙනවා නොවෙයි.

වැඩිවුණු ඉන්ධන මිලට විසඳුමක් විදිහට මෝටර් රථවලට වැඩි කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා Ceylon Green නිෂ්පාදන සමාගම කාලයට ගැලපෙන ලොව සුපතල නැනෝ තාක්ෂණයෙන් යුත් Eco Tablet (එකෝ ටැබ්ලට්) හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා.

එකෝ ටැබ්ලට් තුලින් එංජිමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවෙන බව Ceylon Green නිෂ්පාදන පුද්ගලික සමාගමේ තාක්‍ෂණික නිලධාරී මධුශාන් පෙරේරා සඳහන් කර සිටියේය.

මෙම Eco Tablets තුලින්  ඔබගේ මෝටර් රථයට ලැබෙන අමතර වාසි සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ Ceylon Green නිෂ්පාදන පුද්ගලික සමාගමේ තාක්‍ෂණික නිලධාරී මධුශාන් පෙරේරා,

'අපි මේ කතා කරන්නේ Eco Tablet එක මෝටර් රථවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන තාක්ෂණයකින් හෙඹියි. මේක අවුරුදු 10ක් තිස්සේ පාවිච්චි කරනවා. ඒ වගේම ලෝකයේ පාවිච්චි කරන ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන ප්‍රමුඛ පෙලේ තාක්ෂණයක් වන නැනෝ තාක්ෂණයත් යොදා ගෙනයි හදලා තියෙන්නේ. මේකේ ආකාර දෙකක් තියෙනවා. ඩිසල් සහ පෙට්ට්‍රල් මෝටර් රථ සඳහා වෙන වෙනම භාවිත කරන ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන  Eco Tablets සමන්විතයි. මෙකෙන් වෙන්නේ පෙට්ට්‍රල් වල ගුණාත්මක භාවය වැඩිකරනවා. පෙට්ට්‍රල් වල ඔක්ටේන් අගය 5-10ත් අතර අපිට වැඩි කරන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් භාවිතා කරන වාහනයක් සඳහා එය ඔක්ටේන් 100ක් දක්වා මේකේ ඔක්ටේන් ලෙවල් එක වැඩි කර ගන්න පුළුවන්. 

මේ ටැබ්ලට් එක හදලා තියෙන තාක්ෂණය තමයි නැනෝ තාක්ෂණය. නැනෝ තාක්ෂණය කියන්නේ තව අවුරුදු 15-20කට එහා යන තාක්ෂණයක්. ඩිසල් සහ පෙට්ට්‍රල් සඳහා වෙන් වෙන්ව තිබෙන මේ Eco Tablets එක හරහා ඔබගේ වාහනයට ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. 

තමන්ගේ වාහනය කාර්යක්ෂම තබා ගැනීමට බලපාන ප්‍රධාන සාධකය තමයි ඉන්ධන. ඒ ඉන්ධන ගුණාත්මකභාවයෙන් වැඩි කර ගන්න මේ Eco Tablets එක පාවිච්චි කරන්න පුළුවන්. 

ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියෙන් සහතිකයක් නිකුත් කරලා තියෙනවා නියමු ව්‍යාපෘතියකට පස්සේ එල්දායිතාවය සහ කාර්යක්ෂමතාවය ගැන. මේකෙන් කිසිම විෂ වායුවක් පිටවෙන්නේ නැහැ. මෙය සියයට සියයක්ම පරිසර හිතකාමී නිෂ්පාදනයක්.'

 නැනෝ තාක්ෂණයෙන් ඔබගේ රථයේ ඉන්ධන භාවිතය සියයට 20% සිට 50%ක් දක්වා ඉතිරි කර ගන්න පුළුවන් .මේ  Eco Tablets එක මිලදී ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට අපව 077 9290 222 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකියි.