Friday, March 29, 2024

General line - 0115112241

පොන්ටින් ලොව හොඳම කණ්ඩායම තෝරයි – නායකත්වය සංගාට (VIDEO)




හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් ලොව එතෙක් මෙතෙක් බිහිවූ ක්‍රිකට් විශිෂ්ඨයන්ගෙන් ඔහුගේ හොඳම කණ්ඩායම තෝරා තිබෙනවා.

පොන්ටින්ගේ මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන්නේ ඔස්ට්‍රේලියාවේම මැතිව් හේඩ්න් හා ජස්ටින් ලැන්ගර්.

තෙවන ස්ථානය ජැක් කාලිස්ටද නොම්මර හතර සචින් ටෙන්ඩුල්කාර්ටද හිමිවී තිබෙනවා.

නොම්මර 5 හිමිව ඇත්තේ බ්‍රයන් ලාරාට.

පොන්ටින්ගේ මෙම කන්ඩායමේ නොම්මර 06 හිමිව ඇත්තේ ශ්‍රීලංකාවේ කුමාර් සංගක්කාරටයි.එමෙන්ම මෙම කණ්ඩායමේ නායකත්වයට ද පොන්ටින් තෝරා ඇත්තේ කුමාර් සංගක්කාරයි.පොන්ටින් පවසන්නේ සංගක්කාර මෑත යුගයේ බිහිවූ විශිෂ්ඨ පිතිකරුවෙකු බවත් දක්ෂ නායකයෙකු බවත්ය.එම නිසා ඔහුගේ කණ්ඩායෙම් නායකත්වය සංගක්කාරට පිරිනමන බව ඔහු පවසනවා.

ඔහුගේ කන්ඩායමේ නොම්මර 07 ලෙස තොරා ඇත්තේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වන අතර කඩුලු රකින්නා ද ඔහුවෙයි.

වසීම් අක්‍රම් ,ග්ලේන් මැක්ග්‍රාත් , කර්ට්ලි ඇම්බ්‍රොස් සහ ශේන් වෝන් ඔහුගේ පන්දු බල ඇණිය ලෙස නම්කොට තිබෙනවා.