දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී බීමත් රියදුරෙකු මුදා හැරීමට, එම ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරියෙකුට උසස් පොලිස් නිලධාරියෙකු බව කියන පුද්ගලයෙකු බලපෑම් කරන ආකාරයේ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මෝටර් රථයකින්, බීමතින් පැමිණෙන පුද්ගලයෙකු ඉමදුව පිවිසුමේදී පොලිස් නිලධාරියෙකු නතර කරන අතර එහිදී පරීක්ෂා කිරීමට යාමේදී ඔහු සිය දුරකථනයෙන් උසස් පොලිස් නිලධාරියෙකු බව කියන පුද්ගලයෙකුට ඇමතුමක් ලබා ගන්නවා. එහිදී ලැබෙන නියෝග මත බීමතින් රිය පැදවු අදාල පුද්ගලයා මුදා හැරීමටයි ඉමදුව පිවිසුමේ රාජකාරී කළ පොලිස් නිලධාරියා කටයුතු කර ඇත්තේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සිදුවීම මීට මාස 05කට පෙර සිදු වූ සිද්ධියක් බවයි.
සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට ස්ථාන මාරු කර ඇති බවත් සිද්ධිය අදාල විමර්ෂණ අවසන් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළා.