Friday, April 19, 2024

General line - 0115112241

සහල් මිල යලි වැඩි වෙන්නේ නැහැ : ඩඩ්ලි සිරිසේන කියයි

ලලිත් චාමින්ද - ගාල්ල




සහල් මිල තවදුරටත් වැඩිවන්නේ නැති බවත් මෙය උපරිම මිල බව අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන පවසනවා. ගාල්ල හෝල්ඩ්ගොල් ශාලාවේ දි ඊයේ (11) පස්වරුවේ දි පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කර සිටියා.

"තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම  මට ගන්න බැහැ. එක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ" මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන කියා සිටියේ.