Friday, April 19, 2024

General line - 0115112241

පකිස්තානයේ බාලවයස්කාර දැරියන් අනතුරක




සුළුතර ජනවර්ගයන්ට අයත් බාලවයස්කාර දැරියන් පැහැරගෙන ගොස් ආගම වෙනස් කිරීම පකිස්තානය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2020 වර්ෂයේ දී එවැනි සිදුවීම් 15 ක් පමණ වාර්තා වූ අතර 2021 වර්ෂයේ දී එම සංඛ්‍යාව 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

නිල සංඛ්‍යා එසේ සදහන් කළත් ජියෝ නිවුස් සේවයට අනුව, පකිස්තානය තුළ වාර්ෂිකව බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීමට ලක්වන ගැහැණු දරැවන් සංඛ්‍යාව දහසක් පමණ වනවා.

ඉන් වැඩි සිදුවීම් සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්තා නොවන බවත් එම පිරිසෙන් සියයට හැත්තෑවක් පමණ බාලවයස්කාර දැරියන් බවත් සදහන්.

සීක්, හින්දු, ක්‍රිස්තියානි වැනි සුලුතර කොටස්වලට අයත් දැරියන් මෙහිදී දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පැවටසෙනවා.

එරට වාර්තා සදහන් කළේ මෙසේ පැහැරගන්නා දැරියන් විවාහ කරගැනීම බහුතර මුස්ලිම් ප්‍රජාව තුළ පුරැද්දක් තරමට වර්ධනය වී ඇති බවයි.