Wednesday, April 24, 2024

General line - 0115112241

භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි 




ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පවසන්නේ, භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවයි.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ව අරලියගහමන්දිරයේ දී මුණ ගැසුණා.