Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ නගර සීමාවේ වෙසෙන පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගනී 




කොළඹ නගර සීමාවේ වෙසෙන පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් පොලීසිය අද ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සහ කොළඹ නගරයෙන් අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක බවයි

කොළඹ නගර සීමාවේ වෙසෙන ජනතාවගෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් ද කළා.

ලබන ඉරිදා දින දක්වා එම වැඩසටහන කොළඹ නගර සීමාව තුළ ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ