Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ටත් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාදීමට අවධානය




ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සැලකිය යුතු පිරිසකට ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබානොගත් සියළු පුද්ගලයන් එය ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් යළි ඉල්ලීමක් කරනවා. 

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ සියළු පුද්ගලයින් සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කිරීමද ඉතා වැදගත් බවයි.

කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ද බූස්ටර් එන්නත ලබාගත යුතු බවයි ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යා ආයතනයේ සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  හර්ෂ සතිස්චන්ද්‍ර පැවසුවේ.