Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලයට ඉන්ධන දෙන්න සංස්ථාව එකග වෙයි




විදුලිය නිෂ්පාදනය කිරීමට ඩීසල් මෙටි්‍රක් ටොන් 1500 බැගින් දෛනිකව ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා එලෙස ඩීසල් ලබාදෙන බවයි එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ විදුලි කප්පාදුවක් සිදුවූයේ ඛනිජ තෙල් සංස්ථාවේ වරදින් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර ඉකුත් දිනවල විදුලි බලාගාර ආශ්‍රිතව සිදුවූ හදිසි බිඳවැටීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඉල්ලා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් භාරදී තිබෙනවා.