Thursday, April 18, 2024

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි වර්ජනය අවසන් - දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව සංගමය කියයි

ඩී ඩී වානගුරු




දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ හදිසි වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. ඒ, වැඩ තහනමට ලක් කෙරුණු එම සංගමයේ උපසභාපති නුවන් ඉලංසිංහ යළි සේවයේ පිහිටුවීමට දුම්රිය බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන්. වැඩවර්ජනය අවසන් කළ බවයි එම සංගමය පැවසුවේ. 

කෙසේවෙතත් දුම්රිය ධාවනයට යම් කාලයක් ගතවනු ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ධාවනය වූ දුම්රියද අතරමග නතර කෙරුණා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් මීට පෙර ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය අවසන් වූයේද ඊයේ මධ්‍යම රාත්‍රියේයි.