Friday, April 19, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීහු වෙන පැත්තකට හැරෙති




ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන්ගෙන් සියයට අසූවක් පමණ සිය රැකියා හැර දමා ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා. ආර්ථිකය කඩා වැටීම නිසා ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ ආරක්ෂාව පිළිබද ගැටලු මීට මූලික හේතුව බව සදහන්.

ඇෆ්ගනිස්තාන ජනමාධ්‍යවේදීන්ගේ පදනම මගින් සිදුකළ සමීක්ෂණයකදී  මේ පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ, තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසුව ගතවූ කාලසීමාව තුළ දී ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍ය ආයතනවලින් සියයට හැත්තෑපහක් පමණ වැසී ගොස් ඇති බවයි.

වැසී ගිය මාධ්‍ය ආයතන අතර රෑපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ පුවත්පත් කැපී පෙනෙන අතර එම සංඛ්‍යාව 271.

මෙහිදී ජනමාධ්‍යවේදීන්  6400 කට පමණ රැකියා අහිමි වී ඇති අතර ඒ අතරින් බහුතරය ජනමාධ්‍යවේදිනියන් බව ද සදහන්.