Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් සංවිධානය කරන තථාගතාදී වන්දනා පිංකම් මාලාව හෙට සිට කුරගල පුජා භූමියේදී ඇරඹේ




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන තථාගතාදී වන්දනා පිංකම් මාලාව හෙට සහ අනිද්දා යන දෙදින එෛතිහාසික කූරගල පිං බිමේදී පැවැත්වෙනවා. ඒ, කූරගල අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ පුජා වස්තු තැන්පත් කිරීමේ පූණ්‍ය මංගල්‍යයට සමගාමීවයි. 

එම පිංකම් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් භික්ෂූන් වහන්සේ 500කගේ වැඩවීමෙන් පැවැත්වෙන මාහා පරිත්‍රාණ ධර්ම දේශනාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ කරුණු දැක්වූ කූරගල පිංබිමේ  භාරකාර පූජ්‍ය වතුරුකුඹුරේ ධම්ම රතන ස්වාමීන් වහන්සේ.