Wednesday, April 24, 2024

General line - 0115112241

අගහරුවාදා තෙක් විදුලිය කැපීම නවතී




අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි පැවසුවේ අද උදෑසනවන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 3,000ක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබී ඇති බවයි. 

ඒ අනුව ලබන අගහරුවාදා තෙක් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවුනු ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.