Tuesday, April 23, 2024

General line - 0115112241

ගිනිකඳු පිපිරීමෙන් පසු ටොංගෝ දුපතට කඩා වැදුණු රළ පහර (VIDEO / PHOTOS)




දකුණු පැසිෆික් සාගරයේ දියයට පිහිටි Hunga-Tonga-Hunga-Ha'apai නම් වූ ගිනි කන්ද විධාරණය වීමෙන් පසු ටොංගෝ දුපත් වෙත විශාල රළ පහරවල් කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සමාජ මාධ්‍ය තුල හුවමාරු වන දර්ශන මගින් දුපතේ පිහිටි  ගොඩනැගිලි රැසක් රළ පහරේ ගසාගෙන යන අයුරු දක්නට ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගිනි කන්දේ විධාරණය වීමෙන් එහි ධුලි සහ අංශු කිලෝමීටර් 20ක් තරම් ඉහළ අහසට වළාකුලක් මෙන් පැතිර යන අයුරු දක්නට ලැබූ බවත් මේ වන විට ටොංගෝ දුපත් හි අගනුවර වන නුකුඅලෝෆා මතට ​​ගිනි කන්දෙන් නික්මුණු අළු වැටෙමින් පවතින බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ටොංගෝ අගනුවර වන නුකුඅලෝෆා ආසන්නයේ මීටර් 1.2 ක සුනාමි රළක් නිරීක්ෂණය වූ බවයි.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග ටොංගෝ හි පදිංචිකරුවන් උස් බිම් කරා ගමන් කරන විට එරට පොලිසිය සහ හමුදා භටයින් ටොංගාවේ හයවන ටුපෝ රජු වෙරළ ආසන්නයේ පිහිටි ඔහුගේ මාලිගයෙන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.