Thursday, April 25, 2024

General line - 0115112241

කූරගල තථාගත පිංකම් මාළාවේ සමාරම්භයට සියල්ල සූදානම්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන තථාගතාදී වන්දනා පිංකම් මාලාව හෙට සහ අනිද්දා යන දෙදින එෛතිහාසික කූරගල පිං බිමේදී පැවැත්වෙනවා. ඒ, කූරගල අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ පුජා වස්තු තැන්පත් කිරීමේ පූණ්‍ය මංගල්‍යයට සමගාමීවයි. 

කූරගල පුදබිමට ආසන්නයේ පිහිටි තංජන්තැන්න විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ද නෙත් එෆ් එම් රේඩියෝවේ අනුග්‍රහයෙන් හෙට සිදු කෙරෙනවා. 

කූරගල පුදබිමේ පැවැත්වෙන මෙම පිංකම් මාලාවේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ වනවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ සමඟින්.

ආයුබෝවන් වරුණ.....