Friday, April 26, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ජනතා අයිතියට




මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස ජනතා අයිතියට පත්කිරීම අද සිදු කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ඇතුගල්පුර පිවිසුම ලෙස නම් කර ඇති මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර තිබෙනවා. එම කොටසේ සමස්ථ දුර කිලෝමීටර් 40 යි දශම 9 යි 1 ක්. දැනට මෙරට අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුන්වා ඇති මෙම අධිවේගී මාර්ගය මන්තීරු 4කින් යුක්තයි. මේ සඳහා වැයවී ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 137 ක්. 

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ක් ඉදිකර තිබෙනවා. 

එම කොටස විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීරිගම සිට කුරුණෑගල දක්වා සිය මෝටර් රථවලින් පැමිණි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථය ධාවනය කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්. අනතුරුව කුරුණෑගල අන්තර් හුවමාරුව අභියස පැවති උත්සවයට පැමිණි ආරාධිතයින් සියලු දෙනා එක්වුණා. මේ එම උත්සව සභාව ඇමතූ මාහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි.