Saturday, April 20, 2024

General line - 0115112241

කාදිනල් හිමිගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර




බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයකින් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් නීතියේ රැහැනට හසු කරගන්නා බව තමන් ජනතාවට සහතික වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසනවා. 

එම සිද්ධිය වාර්තාවී පැය 24 ක් ගතවීමටත් පෙර ඒ පිළිබඳ කෙරෙන පොලිස් විමර්ශණ විවේචනය කිරීම සාධාරණ නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ පොලීසියට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී විමසීමක් කළ අතර ඊට ආරක්ෂක ලේකම්වරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.