Thursday, January 27, 2022

General line - 0115112241

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථිර සහ විශ්වසනීයම හවුල්කරුවායි - එරට විදේශ ඇමතිගෙන් සහතිකයක්

602Views



ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථිර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බව ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ ට්විටර් සටහනක් තබමින්. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක්ද පවත්වා තිබෙනවා. එහිදී ඉන්දිය රජය විසින් ඉකුත්දා ලබාදුන් අමෙරිකානු ඩොලර් 900 කට අධික විනිමය සහන සම්බන්ධයෙන් සහ ඉන්දියාව එකඟවූ ණය මුදල පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. 

බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට පියිවර ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා.