Thursday, April 18, 2024

General line - 0115112241

හෙට තරඟයේ සිදුවන වෙනස්කමක් ගැන මැතිව්ස් කියයි




සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට කොළඹ SSC පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

තරඟයට පෙර අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ හෙට තරඟය සඳහා විශ්ව ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් ක්‍රීඩා කරන බවයි.

ආරම්භක පිතිකරුවන් යුගල වන දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වාට තවදුරටත් අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි මැතිව්ස් පැවසුවේ.

තරඟ 3 කින් සමන්විත මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව 2- 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

හෙට තරඟයත් ජයගෙන තරඟාවලිය 3 – 0 ලෙස අවසන් කිරීමට සිය කණ්ඩායම කැපවීමෙන් ක්‍රීඩා කරන බවයි මැතිව්ස් පැවසුවේ.

13886425_10210342675469574_3603128948654120561_n