Thursday, March 28, 2024

General line - 0115112241

එක් වෙනසක් සමඟින් ශ්‍රී ලංකා පිළ හෙට තීරණාත්මක තරඟයට




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරඟය පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙනවා. 

මෙම තරගාවලිය මේ වන විට පවතින්නේ එකට එකක් ලෙස සම තත්ත්වයේයි. 

හෙට තරඟයේදී ශ්‍රී ලංකා පිළේ එක් වෙනසක් සිදුවනු ඇති බවයි වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක සඳහන් කළේ.