Thursday, March 28, 2024

General line - 0115112241

ලෝකයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 35 පනී




ලොව පුරා ඊයේ දිනයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 හේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඊයේ දිනය තුළ වාර්තාවූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තිස්පන් ලක්ෂ 54,251 ක්. ඊයේ දිනයේ නව කොවිඩ් මරණ 9,070 ක් ද වාර්තාවී තිබෙනවා. 

ඊයේ දිනයේ අමෙරිකාවෙන් දෛනික ආසාදිතයින් ලක්ෂ 7 කට ආසන්න සංඛ්‍යාවක්ද, ප්‍රංශයෙන් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තාවී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. 

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 50,000 කට ආසන්නයි. ඉතාලියෙන්, බ්‍රසීලනේය සහ ස්පාඤ්ඤයෙන් එක් ලක්ෂ 50,000 ඉක්මවූ දෛනික ආසාදියින් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා. 

බ්‍රිතාන්‍ය , ජර්මනියෙන් සහ ආර්ජන්ටිනාවෙන් ලක්ෂයකට අධික කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තාවී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.