Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු කොරියානු කතානායක සිටියදීම මෙරට පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නැති වෙයි




සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කතානායක පාක් බියොන්ග් සියොග් අද පෙරවරුවේ මෙරට පාර්ලිමේන්තුවට පැමිණියා. 

හරසරින් පිලිගැණුනු දකුණු කොරියානු කතානායකවරයා පසුව පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ගැලරියට පැමිණ පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කෙසේවෙතත් දකුණු කොරියානු කතානායකවරයා පාර්ලිමේන්තුවේ රැදී සිටියදීම සභාවේ ගණ පූර්ණය නොමැති බවට විපක්ෂයේ මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රශ්ණ කළා. 

මේ අතර නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදයේ තුන්වන දිනය අදයි. 

විවාදය ආරම්භ කිරීමට පෙර ආංශික අධීක්ෂණ කාරක සභාවන් පත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී ප්‍රශ්ණ කළා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා අද මන්ත්‍රීවරුන් නම් කෙරුණා. 

මෙම තේරිම් කාරක සභාවට මන්ත්‍රීවරුන් 21 ක් ඇතුලත්. ඉන් 14 දෙනෙකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරනවා.

ඉකුත් දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් පසු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ද අහෝසි වුණා.