Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන ආනයන මාසික වියදම අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළට




ඉන්ධන ආනයනය සඳහා මේවනවිට මාසිකව වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

ඔහු සඳහන් කළේ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වැඩිවීමත් සමග ශ්‍රී ලංකාව සෑම ඩීසල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 30 ක් දක්වා වැඩිවී ඇති බවයි.
 
මෙරටට ලැබෙන අපනයන ආදායමෙන් තුනෙන් දෙකක්ම මේවනවිට වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන ආනයනයට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඉකුත් වසරේ අග භාගය වනවිට මාසික ඉන්ධන ආනයන වියදම පැවතුනේ අමෙරිකානු ඩොලර් මිලියන 350 ත් 400 ත් අතර මට්ටමකයි. 

ඉකුත් සමයේ දෛනික ඉන්ධන පරිභෝජනය ද කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් ඉකුත් දා පළමුවරට අනාවරණ කළා. 

මීට පෙර මෙට්‍රික් ටොන් 5200 ක් වූ දෛනික ඩීසල් පරිභෝජනය මේවනවිට මෙට්‍රික් ටොන් 6200 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහිදී පෙන්වා දුන්නා. 

මෙතෙක් මෙට්‍රික් ටොන් 3, 300 ක් වූ දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මේවනවිට මෙට්‍රික් ටොන් 4,000 ක් දක්වා වැඩිවී තිබෙනවා.