Wednesday, April 24, 2024

General line - 0115112241

පකිස්තානය පුරා ට්‍රැක්ටර් විරෝධතා




ගොවි ගැටලුවලට විසදුම් ලබානොදීමට එරෙහිව පකිස්තානය පුරා ට්‍රැක්ටර් රථ ⁣යොදාගෙන සිදුකරන උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයක ඊයේ ඇරඔුණු විරෝධතා ඉදිරි දිනවලදී රටපුරා ව්‍යාප්ත කරන බවයි එය සංවිධානය කරන පකිස්තාන ජනතා පක්ෂය පවසන්නේ.

අවසානයේ මෙය පකිස්තාන පාර්ලිමේන්තුව දක්වා දිවෙන දැවැන්ත ට්‍රැක්ටර් රථ  පෙළපාලියක් බවට පත්කිරීම සංවිධායකයන්ගේ අභිලාෂය බව ද සදහන්.

ජනතා පක්ෂයේ සභාපති බිලාවල් භුතෝ සර්දාරි සදහන් කළේ ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ කෟෂිකාර්මික ප්‍රතිපත්තියේ ඇති දුර්වලතා හේතුවෙන් සමස්ත ගොවි ජනතාවම මහත් දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බැවින් මෙය සංවිධානය කළ බවයි.

නිෂ්පාදන සදහා නිසි මිලක් නොලැබීම ,පොහොර මිල ඉහළ යාම, ජල හිගය වැනි ගැටලුවලට කිසිදු පිළිගත හැකි විසදුමක් ලබාදීමට වත්මන් ආණ්ඩුව  අසමත් වී ඇති බව පකිස්තාන විපක්ෂය වැඩිදුරටත් චෝදනා නගනවා.