ගොවීන් සදහා ලබාදෙන වන්දි මුදල සම්බන්ධයෙන් එළඹෙන අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. කෙසේ වෙතත් මේ වනවිට අනාවරණ වී ඇත්තේ සමස්ත රටේම අස්වැන්න අඩුවී ඇත්තේ සියයට 25 ත් 30 ත් අතර පමණක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
සහල් ආනයනය සිදුකළ ද වී මිලදී ගැනීමේ දී ගොවියාට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.