Friday, March 29, 2024

General line - 0115112241

අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක්




දැවිතෙල් නොලැබුනහොත් ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. පවතින තත්වය හමුවේ ප්‍රධාන ධාරිතාවෙන් මෙගා වොට් 163 ඉවත් වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුව බවයි  ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා  සඳහන් කළේ .

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ අද හෝ හෙට විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ