Tuesday, April 23, 2024

General line - 0115112241

ගුවන් යානයෙන් හමුවූ දෛවයට අභියෝග කළ මිනිසා




දකුණු අප්‍රිකාවේ සිට ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන් තොටුපළට ගොඩබස්වන ලද ගුවන් යානයක ඉදිරිපස පිහිටි රෝදය පිහිටි කුටීරය තුල සැඟවී සිටි පුද්ගලයෙකු සොයා ගැනීමට නෙදර්ලන්ත පොලිසිය සමත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ, ජොහැන්නස්බර්ග් නුවර සිට පැය 11ක් ගුවන් ගමනාන්තයකින් පසුව නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් බලා පැමිණි  මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපොළේ පමණක් නවත්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉතා ඉහළ උසකින් මෙන්ම දීර්ඝ ගමන් කාලයක් සහිත මෙවැනි ගුවන් ගමනක් තුලදී අධික සිතල, ඔක්සිජන් අවම භාවයත් අනුව මෙම පුද්ගලයා ජිවතුන් අතර සිටීම අසාමාන්‍ය සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

සොයා ගනු ලැබූ පුද්ගලයාගේ වයස සහ ජාතිකත්වය මෙතෙක් හෙළිකර නොමැත.