Friday, May 20, 2022

General line - 0115112241

බූස්ටර් නොගැව්වොත් වැඩ වරදී - නීතිමය පියවර ගැනීමට සාකච්ඡා

4339Views



බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා මෙරට පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. 

රටවල් බොහෝමයක් මේ වන විට බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් රටවල් දඩද පනවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ. 

ඒ අනුව මෙරටද බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ඔහු සඳහන් කළා.

මේ වන විට මෙරට පුද්ගලයින් 49 ලක්ෂ 25,961 දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබා ගෙන තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 7,299 දෙනෙකු සඳහා බුස්ටර් මාත්‍රාව ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.   

 මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 838 දෙනෙකු හදුනා ගැණුනා. ඒ අනුව ගත වූ දින හත තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,539ක්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් මේවනවිට දක්නට ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. 

රෝහල්ගත වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති ඇති බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.