Saturday, April 20, 2024

General line - 0115112241

අද සවස සිට පැයක විදුලි කප්පාදුවක්




අද සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම මිට හේතුව වී තිබෙනවා.

ඒ අනුව. එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.