Friday, March 29, 2024

General line - 0115112241

චීනයට යළිත් ගණන් වැරදෙයි




චීනයේ හෙනාන් ප්‍රාන්තයේ පසුගිය වසරේ ජූලි මාසයේ දී හටගත් ගංවතුරෙන් මියගිය   හෝ අතුරැදන් වූ පුද්ගලයන් සියදෙනෙකු පිළිබද තොරතුරු වසං කළ බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

අදාළ සංඛ්‍යාලේඛන, හිතාමතාම සැගවීමට කටයුතු කළ නිලධාරින් පිරිසකට එරෙහිව විනය පියවර ගැනීමට ද චීන මධ්‍යම ආණ්ඩුවේ බලධාරීන් පියවර ගනිමින් සිටින බව සදහන්.

පසුගිය ජූලි මාසයේදී චීනයේ හෙනාන් ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුරෙන් දැවැන්ත ජීවිත සහ දේපළ හානියක් හටගත්තා.

මෙහිදී පුද්ගලයන් 590 දෙනෙකු මියගිය හෝ අතුරැදන් වූ බවටයි මීට පෙර ප්‍රකාශ වී තිබුණේ.

කෙසේවෙතත්,එම සංඛ්‍යාව 690 ක් පමණ විය යුතු බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසර පුරාම චීනයේ ප්‍රාන්ත ගණනාවකට අධික වර්ෂාව සමග හටගත් ගංවතුර තත්වය හේතුවෙන්  දැවැන්ත හානි සිදුවුණා.

එරට රජයේ සංඛ්‍යාලේඛන සදහන් කරන්නේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පුද්ලයන් මිලියන 58.9ක් පමණ  මෙහිදී පීඩාවට පත්ව ඇති බවයි.