Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය 




මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද දහවල් පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් අද දිනයේදී පවත්වනු ලැබුවා. ඒ පවතින විදුලිබල අර්බුධය සම්බන්ධයෙන්.

මෙහිදී මුහුදේ නැංගුරම්ලා තිබෙන ඉන්ධන නෞකා දෙකක් ගොඩබෑමට අවශ්‍ය ඩොලර් නිකුත් කිරිමට ද ජනාධිපතිතුමා විසින් මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සහ දැවී තෙල් නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ගොඩබෑමට නියමිත ඉන්ධන නෞකා දෙක තුල ඇති ඩිසල් දින 08 කට සහ පෙට්ට්‍රල් දින 06 කට ප්‍රමාණවත් වන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කලේ.

මේ අතර දැවී තෙල් මගින් ක්‍රියාත්මක සපුගස්කන්ද විදුලි බලාගාරයට ඩිසල් ලබාදීමට පියවර ගනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.