Tuesday, April 23, 2024

General line - 0115112241

සිංහරාජය පිටදෙණිය පිවිසුමේ පාලම හදිසියේ කඩා වැටේ




දෙණියාය පොලිස් වසමට අයත් සිංහරාජ පිටදෙණිය පිවිසුමේ ඇති පාලම මීට විනාඩි 45 කට පමණ පෙර හදිසියේ කඩාවැටී තිබෙනවා. ඒ, එම පාළම මතින් ටිපර් රථයක් ගමන් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදීයි.

පාළමේ කණුවක් මීට පෙර කඩාවැටී ඇති අතර ඒ සමඟම පාළම මතින් බර වාහන ධාවනය තහනම් කර තිබුණා. මෙලෙස කඩාවැටී ඇත්තේ දෙණියාය මෙදේරිපිටියේ සිට පිටදෙණියට ගමන් කිරීමට තිබූ පාළමයි.

මේ හේතුවෙන් පිටදෙණිය පිවිසුමේ සියලු ගමනාගමන කටයුතු මේ වන විට නතරවී තිබෙනවා.

මෙදේරිපිටියේ සිට පිටදෙණියට ගමන් කිරීමට වෙනත් කිසිදු විකල්ප මාර්ගයක් නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිද්ධියත් සමඟ ජනතාව පත්ව ඇති දැඩි අපහසුතාව සලකා නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් යුද්ධ හමුදාව ද දැනුවත් කළා.