Friday, March 29, 2024

General line - 0115112241

දින 11 ක විදුලි කප්පාදුවකටත් අවසර ඉල්ලයි




කුමන හෝ හේතුවක් මත විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. 

ඒ අනුව වත්මන් තත්ත්වය යටතේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද ? නැද්ද ? මේ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක.

හෙට දිනයේ සිට පෙබරවාරි 04 වනදා දක්වා අදියර 03 ක දෛනික විදුලි කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇතැයි මෙහිදී අනාවරණ කෙරුණා.

කෙසේවෙතත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් සියලු දත්ත සලකා බලමින් පුළුල් විමර්ශණයක් සිදුකරන බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.