Friday, April 19, 2024

General line - 0115112241

සය වසරකට පසුව ශ්‍රී ලංකාවට ලැබූ අවස්ථාව




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද ආරම්භ වනවා. මෙම වටය කොටස් දෙකකින් සමන්විත වන අතර “පලිහ කුසලාන” අර්ධ අවසන් පූර්ව වටය හා සුපර් ලීග් වටයේ අර්ධ අවසන් පූර්ව වටය ලෙස එය ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව මෙවර තරඟ වදින්නේ සුපිරි කණ්ඩායම් 08 තරඟවදින සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව වටයටයි.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයකට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබන්නේ වසර 06 කට පසුව වීම විශේෂත්වයක්. පළමු වටයේදී “ඩී” කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකාව සහභාගිවූ තරඟ තුනම ජය ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානය සමඟ තරඟවැදීමට නියමිතයි.