Thursday, April 25, 2024

General line - 0115112241

එන්නත් මාත්‍රා දෙකම ගත් ලක්ෂ 90 ක් කොවිඩ් අවදානමක




කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ ලක්ෂ 90 ක් පමණ තවමත් තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ තුන්වන මාත්‍රාවද සම්පූර්ණ කළ පිරිස එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 75 ක මට්ටමකටවත් පැමිණීම අත්‍යවශ්‍ය බවයි.

මේ වන විට එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ කළ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තීකරණ තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්ණ කෙරුණා.

එහිදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියේ මෙරට ජනතාව ලබා ගත් පළමු සහ දෙවන එන්නත් තුලින් ශරීරයට ලැබුණු ප්‍රතිශක්තිකරණය එසේම පැවතියත් එය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යෑමට කටයුතු කිරීම යෝග්‍ය බවයි. ඇතැම් ධනවත් පුද්ගලයින් බුස්ටර් එන්නත මෙරටදී ලබාදීමට පෙර විදේශ රටවලට ගොස් එය ලබාගෙන පැමිණි බවට ද කරුණු වාර්තා වී තිබු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඊයේ දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 877 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අතරට විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකුද අයත්.

අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්නටද කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.