Thursday, April 25, 2024

General line - 0115112241

වැසි රහිත කාලගුණය අවසන්




පැවති වියළි කාලගුණික තත්ත්වයේ තරමක වෙනස්වීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

අනුරාධපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.