Wednesday, April 24, 2024

General line - 0115112241

ඇමෙරිකානු සහයෙන් ව්‍යර්ථ කළ අබුඩාබි මිසයිල ප්‍රහාරය




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර වෙත මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙහිදී බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී තිබුණා. එහි ඉලක්කය වී තිබුණේ අබුඩාබිහි පිහිටි අමෙරිකානු හා ප්‍රංශ හමුදා සාමාජිකයින් ද ඇතුලුව 2,000 ක් පමණ සිටින ගුවන් හමුදා කඳවුරක්.

කෙසේවෙතත් අමෙරිකානු හමුදාවන්ගේද සහයෙන් එම මිසයිල ප්‍රහාරය ව්‍යවර්ථ කළ බව එක්සත් අරාබි එමිර් රාජ්‍ය පවසනවා. 1991 වසරේ පැවති ගල්ෆ් යුද්ධයෙන් පසු මෙවැනි මිසයිල නිෂ්ක්‍රිය කිරීමකට අමෙරිකානු හමුදාව මැදිහත්වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඉරාණයේ සහය ලබන යේමනයේ “කූති” සටන්කාමීන් විසින්. මීට දින කිහිපයකට පෙරද ඔවුන් අබුඩාබි වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා. එහි ඉලක්කය වී තිබුණේ අබුඩාබි ගුවන් තොටුපළේ ඉදිකිරීම් පරිශ්‍රයක් හා ඉන්ධන බෙදාහරින මධ්‍යස්ථානයක්. කෙසේවෙතත් ඉන් බරපතල හානියක් සිදුව තිබුණේ නැහැ. 

මේ අතර ප්‍රංශයේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. එහිදී සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්. වෙඩි තැබීම සිදුකළ 18 හැවිරිදි ජර්මන් ජාතික සිසුවෙකු පසුව වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.