Thursday, March 28, 2024

General line - 0115112241

අප්‍රිකානු කලාපයේ දේශපාලන පෙරලියක්




අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝහි ජනාධිපතිවරයා සිය භාරයට ගත් බව එරට හමුදාව පවසනවා. 

එරට හමුදා ප්‍රධානීන් රජයේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රටේ පාලන බලය හමුදාව අත්පත් කරගත් බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. 

මේ අතර අප්‍රිකානු කුසලාන පාපන්දු තරඟාවලියේ කැමරොන් රාජ්‍යයේ ඊයේ තරඟයක් පවත්වන අතරතුර ක්‍රීඩාංගනයෙන් පිටත දරුණු ගැටුමක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

කොවිඩ් අවදානම මධ්‍යයේ වුවද තරඟය නැරඹීමට අතිවිශාල පිරිසක් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර සහභාගීවී ඇති අතර තවත් 50,000 ක් පමණ ක්‍රීඩාංගනයට ඇතුලුවීමට උත්සහ දැරූ අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබෙනවා.