Friday, April 19, 2024

General line - 0115112241

තෙල්, ගෑස්, විදුලිය  හිගය හේතුවෙන් පකිස්තානයේ දැවැන්ත මහජන පෙළපාලියක්




තෙල් , ගෑස්, විදුලිය ඇතුළු බලශක්ති හිගයට විරෝධය පළකිරීම සදහා දැවැන්ත මහජන පෙළපාලියක් සංවිධානය කිරීමට පකිස්තානයේ  විපක්ෂයේ සියලුම පක්ෂ සූදානම්වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ කරච්චි නගරයේ සිට ඉස්ලාමාබාද් අගනුවර දක්වා ලබන පෙබරවාරි මස මුල් සතියේදී මෙම විරෝධතා පෙළපාලිය පැවැත්වීමට නියමිත බවයි.

මේ වනවිට පකිස්තානය දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර විවිධ පළාත්වලදී එය විවිධ ස්වරෑප ගන්නා බව සදහන්.

ඉන්සයිඩ්ඕවර් වාර්තාවක දැක්වෙන්නේ කයිබර්පක්තුක්වා පළාතේ ජනතාවට විදුලිබලය ලැබෙන්නේ දිනකට පැය 18 ක පමණ කාලයක් බවයි.

රටේ ස්වභාවික ගෑස් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක් පමණ සිදුකරන සින්ද් ප්‍රාන්තයේ  විශාල නිවාස ඒකක සංඛ්‍යාවක් දෛනික පරිභෝජනය සදහා අවශ්‍ය ගෑස් ලබා ගැනීමට නොහැකිව සිටින බව ද සදහන්. 

ප්‍රෙට්ල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්දන හිගයන් ද රටේ විවිධ පළාත්වලින් වාර්තා වෙමින් ඇති අතර ඒවායේ මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ද එරට වාර්තා සදහන් කරනවා.