Thursday, March 28, 2024

General line - 0115112241

රජයෙන් ගොවීන්ට දුන් සහනය




2021-2022 මහ කන්නයේ වී අස්වැන්න අඩුවීමක් සිදුවුවහොත්, ඒ සඳහා වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, ගොවින් සඳහා වී කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 25ක් බැගින් ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර අද දිනයේ සිට වී අලෙවි මණ්ඩලය හරහා වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 75කට මිලදී ගැනීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" 2020 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැනේ වගා කරපු ගොවීන් සඳහා ඔවුන්ගේ අස්වැන්නේ යම් හානියක් සිදුවුණා නම් ඒ සඳහා වන්දි ලබාදෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදුන්නා. ඒ සඳහා මිලියන 40කට අධික මුදලක් රජය විසින් වෙන්කරනවා. මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 229ක සහන පැකේජයක් ලබාදුන්නා. රජයේ සේවකයින්ට, සමෘද්ධිලාභීන් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකට ලබාදුන්නා. එයින් වී ගොවියන් වෙනුවෙන්  මේ සහනාධාරය ලබාදෙන්න තීරණය කළා. ඒ අනුව පසුගිය කාලයේ ගොවීන් දැවැන්ත උද්ඝෝෂණ කළා හරිත කෘෂිකර්මානතයට නියැලීමත් එක්ක තමන්ගේ වගාවල හානි සිදුවුණා, පාඩු සිදුවුණා මෙයට වන්දි ලබාදෙන්න කියලා. ඒත් දිගින් දිගටම මම කෘෂිකර්ම ඇමති ලෙස සහතිකයක් දුන්නා ගොවීන්ට ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා යම් වගා හානියක් වුණොත් ඒ සඳහා වන්දි ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි මුල ඉඳලම ගොවීන්ට ලබාදුන්නා."