Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැණ වදියි (VIDEO)




අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේදී ජනාධිපති ජෝ බයිඩ්න් විසින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මක ලෙස පරුෂ වචනයෙන් බැන වැදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ ලෙස අපහාසාත්මක ප්‍රකාශය සිදුකර ඇත්තේ එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රියතම නාලිකාව වන ෆොක්ස් රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙක් වෙතයි.

රටේ පවතින උද්ධමනය සම්බන්ධයෙන් ෆොක්ස් රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු විසින් ජනාධිපති ජෝ බයිඩ්න් ගෙන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අවසානයේදී ඔහු විසින් සිය මයික්‍රෝෆෝනය අක්‍රියවී ඇති බවට සිතා මෙම අපහාසාත්මක ප්‍රකාශය සිදුකර තිබේ.

කෙසේ වුවත් මෙම ප්‍රකාශය මාධ්‍යවේදියාට එකවර නොඇසුනද, පසුව එම වීඩියෝව  නිකුත් වීමෙන් පසු ඔහු ඒ පිළිබඳව දැන ගෙන ඇත.

කෙසේ වුවත් පැයක පමණ කාලයකට පසුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ෆොක්ස් රූපවාහිනියේ මාධ්‍යවේදී  Peter Doocy වෙත දුරකථන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ එම ප්‍රකාශය පෞද්ගලික හේතුවක් ලෙස ගණන් නොගන්නා ලෙසයි.