Saturday, April 20, 2024

General line - 0115112241

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ ජය ඒෂියා ලයන්ස් කණ්ඩායමට 




ක්‍රිකට් ප්‍රවීණයින් තරඟවදින ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් වුණා. 

ඒ, ඉන්දියා මහාරාජ් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඒෂියා ලයන්ස් කණ්ඩායම කඩුලු 04 කට ලකුණු 193 ක් රැස් කළා. යළි සාර්ථක වූ උපුල් තරංග පන්දු 45 කදී හයේ පහර 04 ක් සමඟ ලකුණු 72 ක් රැස් කිරීමට සමත් වුණා. වේගවත් පිතිහරඹයක නිරතවූ ඇෆ්ගන්, පන්දු 28 කදී නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හයේ පහර 07 ක්ද සමඟයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා මහරාජ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුලු 08 කට රැස් කරගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර නියමිත පන්දුවාර 04 දී ලකුණු 14 ක් පමණක් ලබාදෙමින් කඩුලු 02 ක් බිද හෙලුවා. 

මෙම තරඟයට ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන්, රොමේෂ් කලුවිතාරණ, දිල්හාර ප්‍රනාන්දු සහ මුත්තයියා මුරලිදරන්ද සහභාගි වුණා.