Tuesday, April 16, 2024

General line - 0115112241

යතුරුපැදි සොරාගෙන ෆේස්බුක් හරහා අලෙවිකරන ජාවාරමක තොරතුරු හෙළි වෙයි




දිවයිනේ විවිධ ප්‍රදේශවල මාර්ග අසල නවතා ඇති යතුරුපැදි සොරාගෙන ඒවායේ එන්ජින් අංක හා චැසි අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු සවිකර වෙනත් පුද්ගලයින්ට අලෙවි කරන ජාවාරමක තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. 

ඒ, සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු බඩල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි. සැකකරු අදාළ යතුරුපැදි සමාජ මාධ්‍ය ජාලවල සහ ෆේස්බුක්හි දැන්වීම් පළ කර එමඟින් හඳුනාගන්නා පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. 

එලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ යතුරුපැදි 06 ක්ද දංකොටුව - මොරක්කුලිය ප්‍රදේශයේ ගරාජයක තිබී සොයගෙන තිබෙනවා.