Thursday, March 28, 2024

General line - 0115112241

පානීය ජලය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්




දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහළ බැස ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලය කියා සිටියේ ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. 

මේ හේතුවෙන් පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතයට ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.